Header Ads

Breaking News
recent

කුවේට්, කටාර් ලාංකිකයන් ගෙන්වා නොගෙන මැතිවරණය එපා..- විපක්‍ෂයෙන් අලුත් විරෝධතාවක්

කුවේට් කටාර් ඇතුළු විදේශගත සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් මිස මැතිවරණයක් නොපවත්වන ලෙස විපක්ෂය විසින් අලුත් සටන් පාඨයක් ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව මේ වන විටත් විපක්ෂයේ දේශපාලන ක‍්‍රියාකාරීන් විසින් සමාජ ජාලා ඔස්සේ මත පල කරමින් ඇත්තේ කුවේට් සහ කටාර් ඇතුළු මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයන් ගැනීම ඉතා වැදගත් බවයි.
මේ වන විට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇත්තේ මෙරට වෛරසය නැවත ව්‍යාප්ත වීමේ අවදානම මග හරවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් විසින් දුන් නිර්දේශ මතයි.

මෙරට පවතින නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වල ඉඩ පහසුකම් කළමණාකරන ගැනීම වෙනුවෙන්ද සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් නිර්දේශ අනුව රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.


No comments:

Powered by Blogger.