මැතිවරණය පවත්වන්න සූදානම්.. අදහස් යෝජනා එවන්න..- මැකො සභාපති සියලු පක්‍ෂ වෙත දන්වයි..
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදහස් හා යෝජනා ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව විසින් මැතිවරණයට තරග කරන පක්ෂ වලට දැනුම් දී තිබේ.
එළැඹෙන 31 වැනිදාට පෙර එම අදහස් හා යෝජනා ලිඛිතව ලබා දෙන්නැයි කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
කොරෝනා සම්පූර්ණයෙන් අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීමට බලා සිටීම කළ නොහැකි බවත් බවත් එය පාලනය කර තිබියදී මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නැයි සභාපතිවරයා එම ලිපියෙන් ඉල්ලා ඇත.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට දිනයේ මැතිවරණ කොමිසන් සභාව සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවැත්වීමට නියමිතව තිබේ.
පවතින තත්ත්වය මත මැතිවරණය පැවැත්වීමට අදාල සෞඛ්‍ය නිර්දේශ ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් කරනු ලැබ තිබේ.
-lankacnews

No comments: