බස් ගාස්තු 50%කින් වැඩි කරන්න ඉල්ලයි
ලබන අඟහරුවාදා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මගී ප්‍රවාහන කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ සඳහා ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ යෙදවීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර, අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමේදී මගියෙකුගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කිරීමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් රථ සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. “බස් රථයක අඩකට මගීන් ගෙන යෑමේදී ගාස්තු එකහමාරක් අය විය යුතුයි කියලා අපි යෝජනා කළා. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මෙම ක්‍රියාවලිය සිදු කරන බවත් මග දී බස් රථයට ගොඩ වදින්නට හැකියාවක් උදා නොවන බවත් පෙන්වා දුන්නා.” යනුවෙනි.

No comments: