Header Ads

Breaking News
recent

වටේ ඉන්න බක පණ්ඩිතයන් පිරිස ජනපතිව අමාරුවේ දාලා - මෛත්‍රී

නාධිපතිවරයා වටා සිටින බක පණ්ඩිතයන් පිරිසක් මේ වනවිට ජනාධිපතිවරයාව අමාරුවේ දමා ඇති බව හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේය.

රට සාමාන්‍ය තත්ත්වයෙන් පවතිද්දී දිනකට රිය අනතුරුවලින් 20-25ක අතර පිරිසක් මිය යන අතර මේ වන විට කොරෝනා වසංගතයෙන් මියගොස් ඇත්තේ 09 දෙනෙකු පමණක් බවත්
ජනාධිපතිවරයා වටා සිටින බක පණ්ඩිතයන්ගේ උපදෙස් මත ජනාධිපතිවරයා කටයුතු කිරීමෙන් රට බරපතළ ආර්ථික අර්බුදයකට මෙන්ම ජන ජීවිතයේ කඩා වැටීමකටද ලක්ව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

රාජපක්ෂ පවුලේ අය අතුරින් ඍජු ගතිගුණ ඇති තැනැත්තෙකු ලෙස සැලැකෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් රටට ඔහු ලවා කරවා ගැනීම බලාපොරොත්තු වූ සේවාව දැන් සිහිනයක් බවට පරිවර්තනය වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

ඉදිරි සතිය අවසන් වෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වී 06 මසක් ගෙවෙන අතර ගෙවුණු කාලය තුළ ඔහු අසාර්ථක පාලකයෙක් බව පෙන්නුම් කර තිබෙන බවද ගුණරත්න මහතා සඳහන් කරයි.

 ඒෂියන් මිරර්


No comments:

Powered by Blogger.