මහ මැතිවරණයට දින නියම කරයි !
මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ලබන්නේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුකෙරෙන නඩු සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමෙන් පසුව බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා කියයි.
ඒ අනුව නඩු තීන්දු ප්‍රකාශ කරන දින සිට දින 70ක් තුළ ඡන්දය පවත්වන බව ඒ මහතා කියා සිටී.
කෙසේවුවද, මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂක පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු බවත් මෙවර මැතිවරණ රාජකාරී සඳහා යොදාගන්නා නිලධාරි සංඛ්‍යාව වැඩි කිරීමට බොහෝදුරට සිදුවනු ඇති බවත් මැතිවරණ වියදම ඉහළ යනු ඇති බවත් සමන් රත්නායක මහතා කියා සිටී.

No comments: