Header Ads

Breaking News
recent

මාලිගාවත්තේ මිනිස්සු මැරුණේ මාස දෙකක් ඇදිරි නීතිය නිසා ඇති වූ පිඩනයට තෙරපීමෙන් - මුජිබර් රහුමන්

මාලිගාවත්ත ප්‍රදේශයේ තිදෙනකු මිය ගියේ ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය මාස දෙකක පමණ කාලයක් පැවතීමෙන් ඇති වූ පීඩනය නිසා තෙරපී බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී ජන බලවේග අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
මාලිගාවත්තේ අදාළ සිදුවීම වූ ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව කියා සිටියේය.

මෙම ස්ථානයේ ආධාර මුදල් බෙදාදීම පුද්ගලයා විසින් එය වාර්ෂිකව සිදුකරගෙන යන්නත් බවද ඔහු සඳහන් කළේය.

ඇඳිරි නීතිය හා නිරෝධායනය නීතිය පවතිද්දී ඒ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකර මෙය සංවිධානය කිරීමේ යම් ගැටලුවක් ඇති බවද ඔහු එහිදී පැවසීය.

එම ස්ථානයේ ආධාර මුදල් බෙදා දීමේදී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.


No comments:

Powered by Blogger.