Header Ads

Breaking News
recent

කොරෝනා පැරදු සටනේ පලමු තැන ජනපතිට.. දෙවැනි තැන අගමැතිට.. තුන්වැනි තැන IDH කාර්ය මණ්ඩලයට - සෞඛ්‍ය ඇමතිනී

කොරෝනා වෛරසය මෙරට පරාජය කළ කථාව ඉතිහාසයේ ලියැවෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මුලින්ම ලියවියයුතු බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයට ගරුකරමින් තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද ඇය පැවසුවාය.
ඊළඟට එහි නම ලියවිය යුත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බවත් ඉන් පසුව IDH රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ බවත් ඇය පැවසීය.

ඇය මේ අදහස් පල කරන ලද්කේ IDH රෝහල් හෙද නේවාසිකාගාරයක් විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි.


No comments:

Powered by Blogger.