අඩුවට කන්න කතිරේ ගහපු ඔබට දැන් සනීපද? (VIDEO)
මේ වන විට ආනයනික ආහාර ද්‍රව්‍ය බදු ඉහළ දමා තිබෙන පසුබිමක දේශීය නිෂ්පාදන ජනතාවට ප්‍රමාණවත් ලෙස පවතින්නේ ද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා අවධාරණය කරයි.
කරන කරන දේ වරද්දා ගන්නා ආණ්ඩුව අන්තිමට ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා සිදුකළේ දුප්පත් මිනිසාගේ තුන්වේලට පහර ගැසීම බවයි ඔහු සඳහන් කරන්නේ.
කෙසේවෙතත් මෙම බදු ඉහළ දැමීමත් සමඟ එම ආනයනික ආහාර ද්‍රව්‍යවල තොග සහ සිල්ල මිල පැහැදිලි ලෙසම රටට ආනාවරණය කළ යුතු බවද ඔහු කියා සිටියි.
එමෙන්ම අඩු මිලට කෑම සඳහා ජන්දය භාවිතා කළ 69 ලක්ෂයට දැන් සනීපද යනුවෙන් විමසීමටද සිදුව තිබෙන බවද අසේල සම්පත් මහතා පවසයි.

No comments: