Header Ads

Breaking News
recent

ප්‍රභාකරන්ට මගේ ගරුත්වයක් තියෙනවා - ෆීල්ඩ් මාෂල් - video

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තමන්ගේ ගරුත්වයක් ඇතැයි 30 වසරක යුද්ධය නිමා කිරීමේ සටනේ භූමියේ නායකත්වය දුන් එවකට සිටි යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ඒ ප්‍රකාරන්ද අන්තිම සටනේ දී ත්‍රස්තවාදියකුවුවත් නායකයකු ලෙස අන්තිම පතරොම දක්වා සටන් කළ නිසා යැයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනී නාලිකාවේ "සෙන්පති ආවර්ජන" යුද ජයග්‍රහණයට හේතුවූ යුද උපක්‍රම යන සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2009 මැයි 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සිට ජාතිය ඇමතූ බවත්, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ වෙඩි වැදුනු ප්‍රානය නිරුද්ධ සිරුර හමුවූ බවට දුරකථනය ඔස්සේ තොරතුරු ලැබුණේ තමා පාර්ලිමේන්තුවේ සිට යුද හමුදා මූලස්ථානයට යාමට සූදානම්වන අවස්ථාවේදී පෙරවරු 11.00ට පමණ බවද ඔහු පැවසීය.

එම ඇමතුම ලබාදුන්නේ වර්තමාන ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් බවද ඔහු සඳහන් කළේය.

2009 මැයි 18 වැනිදා සම්පූර්ණයෙන්ම භූමිය අත්පත් කර ගැනීමට යුද හමුදාව සමත්වුවද, ප්‍රභාකරන් මියගිය පුවත ලැබෙන තෙක් පදුරු අස්සේ තැනින් තැන සටන් පැවැති බවද ඔහු හෙළි කළේය.

මැයි 17 වැනිදා ඇතිවූ සටන නිමා වූයේ මැයි 19 වැනිදා පෙරවරුවේ බවත් ඔහු කියා සිටියේය.

සම්පූර්ණ සාකච්ඡාව

 

No comments:

Powered by Blogger.