නිරෝධායන නීතිය කැඩු හූල්ට හා දියණියට නඩු.. හය මසක සිර දඬුවම් ලැබිය හැකියි…
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඔහුගේ දියණිය නිරෝධායන පනත උල්ලංඝනය කළ හේතුව මත එම පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුනට නිරෝධායන පනත යටතේ ඉදිරියේදි චෝදනා ගොනු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
මෙම පනත යටතේ වැරදි කරුවන් වන පුද්ගලයන්ට රුපියල් දස දහසක දඩයක් හෝ මාස 6 ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාවක් තිබේ.
මහාචාර්යවරයාගේ දියණිය එංගලන්තයේ සිට මෙරටට පැමිණ මීගමු ප්‍රදේශයේ හෝටලයක දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වීමනේ පසු ඇගේ නිවසේ තවත් දින 14ක් නිරෝධනයට ලක් විය යුතු බව දැනුම් දී තිබුණද ඇය එය නොතකිමින් මැතිවරණ කොමිසන් සභා පරිශ්‍රයට තම පියා සමග පැමිණ තිබිණි.
එම හේතුව මත රත්නජීවන් හූල් මහතාට සහ එම දියණියට කොමිෂන් සභා නිලධාරීන් විරෝධතාවය එල්ල විය.
-lankacnews

No comments: