Header Ads

Breaking News
recent

සජිත් පිලේ මාධ්‍ය හමුවට ගියැයි තවත් මන්ත්‍රීවරුන් 08ක් එජාපයෙන් දොට්ට

ක්ෂ විනය කඩකල මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 08 දෙනෙක් ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගැනේ.

පසුගිය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ පත්කරනු ලැබූ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය එසේ අත්හිටුවීමට තීරණය වී තිබේ.
ඊට අදාළ ලිපි ඊයේ (03) දිනය තුළදීම අදාළ මන්ත්‍රීවරුන් වෙත යැවීමට පියවර ගෙන ඇතිබව සිරිකොත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඊයේ ( 03 ) දින පෙරවරුවේ සමගි ජන බලවේගය විසින් කැඳවනු ලැබූ මාධ්‍ය හමුවක් සඳහා පෙනී සිටිමින් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම සහ කටයුතු කිරීම නිසාවෙන් මෙම පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීමට පක්ෂය තීරණය කල බව සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි . මෙහිදී අදාළ මන්ත්‍රීවරුන් විසින් පක්ෂ ව්‍යවස්ථාවේ 3.3 ( අ ) 3.3 ( ආ ) 3.3 ( ඇ ) 3.4 ( අ ) 3.4 ( ආ ) 3.4 ( ඈ ) සහ 3.4 ( ඉ ) වගන්ති උල්ලංගණය කර ඇතිබව මහලේකම් වරයා විසින් ඔවුනට යොමුකර ඇති ලිපියේ සදහන් වේ.

ඒ අනුව මහරගම නගර සභාව සඳහා එ.ජා.ප. යටතේ පත්වූ නාගරික මන්ත්‍රීවරුන් වන,
රුවන් ජයසිංහ, මයිකල් පෙරේරා, ජීවන් රබෙල්, උපුල් ඉන්දික, ඉනොජා මුණසිංහ, රාහුල් පෙරේරා, වසන්ත මාසකෝරාළ සහ ධනුෂ්ක රාමනායක යන මහත්ම මහත්මීන් සම්බන්දයෙන් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත .

මේ සම්බන්දයෙන් නිදහසට කරුණු ඇත්නම් ඉදිරිපත්කිරීමට අදාළ මන්ත්‍රීවරුනට ජුනි 12 දින දක්වා කල් ලබාදී ඇති අතර එහිදී ඔවුන් විසින් නිදහසට ඉදිරිපත් කරන කරුනුත්, අදාළ පැමිණිල්ලත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට ඉදිරි විනය පියවර ගැනීමට නියමිතය.


No comments:

Powered by Blogger.