Header Ads

Breaking News
recent

කොරෝනා නිසා බඩු මිල අඩුවෙනවා - හිටපු අගමැති

කොරෝනා ව්‍යාප්තිය නිසා ලෝකයේ අනෙක් රටවල භාණ්ඩ මිල අඩු වී ඇතත් ලංකාවේ මිල ඉහල ගොස් ඇති බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලෝකය පුරා භාණ්ඩවල ඉල්ලුම අඩු වීම නිසා මිල පහළ ගිය බව ද ඔහු පවසයි.

නමුත් ඉල්ලුම අඩු වී බඩු මිල ඉහළ ගිය රට හැටියට ලංකාව පත් වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා ලංකාවේ බඩු මිල ඉහළ ගියේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

මහනුවර දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Powered by Blogger.