Header Ads

Breaking News
recent

2011 Final පාවාදීමේ චෝදනාව ගැන මුරලිදරන් කට අරී..

2011 තරග පාවාදීමක් ගැන සැක සහිත බවට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් හිටපු සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අදහස් පළ කරයි.

අදාල තරග පාවා දීමට ක්‍රීඩකයන් සම්බන්ධ නැති බවට හිටපු ඇමැතිවරයා පැහැදිලිව පවසා ඇති නිසා තමන් ඒ සම්බන්ධයෙන් අදහස් පල නොකරන බව මුරලිදරන් කියා පැවසීය.

කෙසේ නමුත් එවකට පැවති තේරීම් කමිටුව මෙන් ම අද දක්වා පවතින තේරීම් කමිටු විසින් තෝරන කණ්ඩායම ක්‍රීඩා කිරීම සාමාන්‍ය දෙයක් බවද ඔහු සඳහන් කළේය.

තමන් වසර විස්සක් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති බවත් කිසිවෙකු සම්බන්ධයෙන් හෝ කිසිඳු තීරණයක් සම්බන්ධයෙන් තමන් විවේචන ඉදිරිපත් කර නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Powered by Blogger.