Header Ads

Breaking News
recent

මෛත‍්‍රීපාල සිරගත කල යුතුයි..- හඬපට නාමල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යා යුත්තේ පාර්ලිමේන්තුවට නොව බන්ධනාගාරයට යයි නාමල් කුමාර සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකිව යුතු නැති බවට හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු බවයි.

පැවති පාලන කාලයේදී ආරක්ෂක මණ්ඩල හමුවලට එවකට පොලිස්පති වරයාද නොකැඳවා ඇති බවද ඔහු කියා සිටියේය.

රටේ සියලු ආරක්ෂක අංශ බාරව සිටි හිටපු ජනාධිපතිවරයාට එම වගකීමෙන් බැහැර විය නොහැකි බවත් එනිසා ඔහු යැවිය යුත්තේ පාර්ලිමේන්තුව බන්ධනාගාරයට යයි ඔහු තවදුරටත් පැවසීය.

නාමල් කුමාර ඉකුුත් ආණ්ඩු සමයේදී ආන්දෝලනාත්මක හඬපට හෙලිදරවු කිරීම හේතුවෙන් ප‍්‍රසිද්ධියට පත් වූවෙකි.

No comments:

Powered by Blogger.