Header Ads

Breaking News
recent

"මහින්ද 2015 පැරදුණෙත් වටේ ඉන්න හොරු ටිකයි පවුලේ අයයි නිසා - මං ඒක එදාම කිව්වා" - වෙල්ගම

හින්ද රාජපක්ෂ මහතා 2015 වසරේදී ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේත් වටේ සිටින හොරුන් සහ පවුලේ සාමාජිකයින් නිසා බවත් එයින් පසුව හෝ ඔවුන් දුරස්කර තබන්නැයි තමන් ඒ මොහොතේත් ඒ මහතාගෙන් ඉල්ලා සිටි බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක කුමාර වෙල්ගම මහතා පවසයි.

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ කළුතර, අගලවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

"මොනවද නොදුන්නෙ 2015දි ? මගෙ අත් දෙකින්ම දීලා තියෙනවා කාන්තාවන්ට අත් ඔරලෝසු, සිල් රෙදි බෙදුවා. ගණන් කරලා බලනකොට අපි පරාදයි. මං කිව්වා සර්, හොරු ටික සර්ව වට කරගෙන හිටපු උන්ව ආයෙ ගන්න එපා කියලා. අනිත් එක තමයි කිව්වෙ සර්ගෙ පවුලෙ අයව ටිකක් ඈත් කරලා තියන්න කියන එක. පැරදුණ හේතුව ඒකනෙ. එක එක මළවිකාර කරන්න ගිහිල්ලා 2015දි පැරදුණා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.


No comments:

Powered by Blogger.