Header Ads

Breaking News
recent

පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න

ත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇතැයි ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සතු භාණ්ඩ ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබෙනවා.

මෙම ගබඩාවේ තොග ගණනය කිරීමක් අද (29වැනිදා) සහ හෙට (30වැනිදා) දිනයේ දැඩි රැකවරණ මැද කිරීමට ද ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇති බව වාර්තා වනවා.

කාලයක් තිස්සේ පොලිස් නාකොටික් අංශයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කුඩු තොගවලට වෙනත් රසායන ද්‍රව්‍ය හා පිටි කලවම් කර රස පරීක්ෂක වාර්තා සඳහා සාන්ද්‍රණ වෙනස් කරවා නියම තත්ත්වයේ කුඩු තොග එම ගබඩාවෙන් හොරෙන් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව හෙළිව තිබෙනවා.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ට නායකත්වය දී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා ඇතුළු මහා පරිමාණ ජාවාරම්කරුවනුයි.

මහ මුහුදේ දී හා ගොඩබිමේ දී අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග නඩු කටයුතු සඳහා රස පරීක්ෂක වෙත යැවූ සාම්පලවල වාර්තා එන තුරු ගබඩා කරන්නේ මෙම ගබඩාවේය. මෙම ගබඩාව දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට පහළ මාලයේ තිබීමද විශේෂත්වයකි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව නඩු භාණ්ඩ ගබඩාවේ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීමට ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම රඳවා තිබෙනවා.


No comments:

Powered by Blogger.