Header Ads

Breaking News
recent

සිසුන් නැතිව අද පාසල් ඇරඹේ – ගුරුවරුන්ට කාලසටහන බෙදන්නේ මෙලෙසයි

මාස තුනකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබූ පාසල් අද (29වැනිදා) ආරම්භ කෙරේ. අද පැමිණිය යුත්තේ ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයනවා.

මේ අතර සවස 3.30 දක්වා පාසල පැවැත්වෙන ශ්‍රේණි සඳහා උගන්වන ගුරුවරුන්ට කාලසටහන සකස් කිරීමේ දී එකම ගුරුවරයකු දින පහේම
සවස් වන තුරු රඳවා නොගෙන ගුරුවරුන් අතර සුදුසු පරිදි බෙදාදීමට කටයුතු කළයුතු යැයි අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සියලුම පළාත් ලේකම්වරුන්ට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ගුරුවරුන්ට කාලසටහන ලබා දීමේ දී සුදුසු පරිදි කාලච්ඡේද වෙන් කරන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

නියමිත පළමු කාලච්ඡේදය ආරම්භ කිරීමට විනාඩි 30කට කලින් ගුරුවරයා පාසලට පැමිණීම ප්‍රමාණවත් යැයි ද ගුරුවරුන්ගේ පැමිණීම කල් ඇතිව නිශ්චය කර ගතයුතු යැයි ද පවසන ලේකම්වරයා යම් ගුරුවරයකු නිවාඩු ලබා ගන්නේ නම් ඒ සඳහා වෙනත් ගුරුවරයකු යෙදවීම අනිවාර්ය යැයි ද සඳහන් කරනවා.

එමෙන්ම අධ්‍යයන කාර්ය මණ්ඩලය පාසලට පැමිණීම හා පිටවීම සඳහා වෙනම ලේඛනයක් පවත්වා ගත යුතු යැයි ද ලේකම්වරයාගේ උපදෙස් මාලාවේ සඳහන්.


No comments:

Powered by Blogger.