Header Ads

Breaking News
recent

"මිනිස්සුන්ට අපිව එපා වුණා - අපි එක පිලිගන්නවා" - රනිල්

ම පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එම පක්ෂය සංවිධාන කරන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ කොවිඩ් 19 වෛරසය රට තුල මැඩපැවැත්වීම සඳහා රජය ගෙන ගිය ක්‍රියාලියට සහය දැක්වුයේ එය නිවැරදිව සිදු බැවින් බවයි.

නමුත් ඇතැම් පිරිස් තමන් ආණ්ඩුව සමඟ රහස් ගනුදෙණු සිදුකරණ බවට අසත්‍ය ප්‍රකාශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පසුගිය ආණ්ඩු  සමයේ වු අතපසුවීම් හේතුවෙන් ජනතාව එම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ වබයි.

මහ මැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.


No comments:

Powered by Blogger.