Header Ads

Breaking News
recent

කරුණාගේ අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි මැකොට කියයි

2020 මහ මැතිවරණ අපේක්ෂ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන අය විසින් අලිමංකඩදි හා කිරිනොච්චියේදී හමුදාවේ නිළධාරින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරිම සබන්ධයෙන් 06.29 දින මැතිවරණ කොමිසමයේ සභාපතිතුමාට කරුණාඅම්මන්ගේ අපේක්ෂකත්වය අහිමි කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.
එම ලිපිය ජාතික විද්වත් සභාවේ සභපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කරන ලදි. ඒ සදහා දර්ශනපති පූජ්‍ය  හැඩිගල්ලේ විමලසාර හිමි, ශාස්ත්‍රපති පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි,  පූජ්‍ය ශාස්ත්‍රවේදී බුදුගල ජිනවංස හිමි යන හිමිවරුන් සහභාගි විය.

ඉන්පසුව නාරහෙන්පිට රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන මුලස්ථානයේ දි සවස 2.30 ට මාධ්‍ය හමුවක් පැවත්විණි. ඒ සදහා පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, පූජ්‍ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි,  පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි,  පූජ්‍ය බුදුගල ජිනවස හිමි සහභාගි විය. තවද ජනාධිපති නිතීඥ අනුර මැදගොඩ මහතා සහභාගි විය.

එහි දී ඕමල්පේ නාහිමියන් ඇතැම් දේශපාලකයින් අංගුලිමාල චරිතය හා කරුණා අම්මාන්ගේ චරිතය සමාන කර කතා කිරීම සම්පුර්ණයෙන්ම වැරදිය. අංගුලිමාල හිමියන් රහත් භාවය ලැබූ මහතෙරනමකි. උන් වහන්සේ කිසි දිනක අතිතයේ තමන් කළ වැරදි පිළිබද උද්ධාමනයට පත්වුයේ නැත. අද කරුණාඅම්මාන් තමන් කල වරද ගැන පසු තැවෙන්නේ වෙනුවට තමන් කල වරද උද්දාමයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි.

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා කියා සිටියේ මෙය අපරාධ නිතිය අනුව වැරදි බවත් සුදුසු අධිකරණයකදී පරික්ෂා කර දණ්ඩනය ලබා දිය හැකි වරදක් වන බවත් ය. ලංකාවේ නිතිය අනුව මසුෂ්‍ය ඝාතයට දණ්ඩනය මරණ දණ්ඩනය බව කියා සිටියේය. මෙම සිදුවිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට පවා යා හැකි වරදකි. එසේම ජනාධිපති නීතිඥතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේ 1949 ජිනිවා ජාත්‍යතර සම්මුතින් වලින් ද මෙම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය වැරදි බවයි. එම නිසා මේ සම්බන්ධයෙන් වහාම නීති ක්‍රියාත්මක කල යුතුය.

– පූජ්‍ය බුදුගල ජිනවංස හිමි


No comments:

Powered by Blogger.