Header Ads

Breaking News
recent

අමෙරිකානු ජනපති ඇතුළු 30 දෙනෙකුට ඉරානයෙන් වරෙන්තු

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය විසින් ඊයේ (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ ඉරාකයේ බැග්ඩෑග් අගනුවර දී ඉරාන යුධ හමුදා ප්‍රධානියෙකු වන ජනරාල් කාසිම් සුලෙයිමානි ගමන් ගත් රථයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට ඔහුව ඝාතනය කිරිමේ චෝදනාවට අදාළවයි.

ඉකුත් ජනවාරි මස 03 වෙනිදා එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරය සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු 30 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කොට තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු එම ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය ජාත්‍යන්තර පොලිසියේ සහය ද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


No comments:

Powered by Blogger.