Header Ads

Breaking News
recent

මං බලයට පෙරේත නෑ... අනිත් නායකයිනුත් විශ්‍රාම ගිහින් අලුත් අයට අවස්ථාව දුන්නා නම් හරි - චන්ද්‍රිකා

දැනට දේශපාලන නායකත්වයේ සිටින සියලු දෙනාම විශ්‍රාම ගොස් අලුත් අයට ඒ තනතුරු වලට පැමිණීමට ඉඩ ප්‍රස්තාව ලබාදෙන්නේ නම් මේ රට හදන්නට හැකිවනු ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

"මාව බලෙන් ඇදලා ගෙනාවා දේශපාලනයට, හැබැයි ඒ අවුරුදු 5 තුළ මට තේරුණා අද මේ රටේ ඉන්න දේශපාලකයෝ යැයි කියාගන්න පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් අති බහුතරයකට මේ රට නම් හදන්න බෑ. ඒ එක්කෙනෙකුටවත් බෑ. තමා හැදිලා හොරකම් කරන්න තමයි වැඩිදෙනෙක් අද පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ.

ඉතිං මේවගේ අය සමඟ දේශපාලනය කරන්න මං කැමති නෑ. මට පෙරේතකමක් නෑ ජනාධිපති ධුරයෙන් ගෙදර ගියායින් පස්සෙ ආයෙ ආයෙ ජනාධිපති වෙන්න ආයෙ ආයෙ අගමැති වෙන්න. මේ සර්වබලධාරී ජනාධිපති වෙලා ඉඳලා - සමාවෙන්න වචනෙට - පීචං වෙච්චි මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තු යන්න මට වුවමනාවකුත් නෑ.

ඔය කවුරු කවුරුත් ඉන්න නායකයෝ කියන අය ගෙවල් වලට ගිහිල්ලා, විශ්‍රාම අරගෙන - මේ කොර ගහ ගහා ඇවිදගන්නත් බැරුව අසනීප තත්ව තියාගෙන මේවා කරනවට වැඩිය - අලුත් අයට එන්න ඉඩ ප්‍රස්තාව ලබා දුන්නොත් මේ රට හදන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව පැවසුවේ සිය 75 වන උපන්දින සමරුව වෙනුවෙන් හොරොව්පොතාන ප්‍රදේශයේ අමුණක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


No comments:

Powered by Blogger.