Header Ads

Breaking News
recent

ඕස්ට්‍රේලියාවෙන් කිරි හරක් ගේන්නේ කොමිස් ගහන්න. මේ මෝඩ ආණ්ඩුවට හෙණ ගහනවා - රතන හිමි

ඕස්ට්‍රේලියාවේ කිරි ගවයින් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇතිකිරීමට නොහැකි බවත් රුපියල් කෝටි ගණනක් වැය කරමින් ආණ්ඩුව මේ කිරි ගවයින් 2500ක් මෙරටට ගෙන්වීමට තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ ආත්මාර්ථකාමී වුවමනාව නිසා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

"විශේෂයෙන්ම ඔය ගේන හරක් ජර්සි වර්ගයේ හරක්. අපේ රටේ බොහෝ ප්‍රදේශවල ඔය හරක් හදන්න බෑ. අපි ගෙන්විය යුත්තේ බ්‍රසීල්, අප්‍රිකානු, ඉන්දියානු, පාකිස්ථානු වර්ගවල හරක් තමයි මෙහෙට ගැලපෙන්නේ.

මේ වගේ මෝඩ ආණ්ඩුවක් ! ඒ කියන්නෙ මේක හොරකම් කිරීම නෙ. බලන්න මේගොල්ලන්ගෙ කොමිස් ගැහිල්ලට තියෙන ආත්මාර්ථකාමී, ජරා, කෑදරකම නිසා ජාතියකට කරන අපරාධය ! හෙණ ගහනවා !!" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචන එල්ල කරන අතුරලියේ රතන හිමි පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා ඉහළින්ම කැපවුණු භික්ෂුවක් වීම ද විශේෂත්වයකි.


No comments:

Powered by Blogger.