Header Ads

Breaking News
recent

ගෝටාභයගේ ජනාධිපතිවරණ නාමයෝජනා අවලංගු කල යුතුයි - රත්නජීවන් හූල් දැඩි ස්ථාවරයක

සුගිය ජනාධිපතිවරණයේදී තරග වැදීම සඳහා නාම යෝජනා භාර දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනා පත්‍රය අවලංගු කළ යුතු බවට මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා දැඩි ස්ථාවරයක සිට ඇතැයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විශ්වාස කටයුතු තොරතුරු තමන්ට ඇති බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනා පත්‍රය අත් අවලංගු කිරීමට කිසිම නෛතික පදනමක් නොතිබූ බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවානියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

මෑතකදී හූල් මහතා විසින් විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන අදහස් පල කරමින් අමාත්‍යවරයා කියා සිටියේ හූල් මහතා සිංහල භාෂාවෙන් ඇත්තේ කුණුගොඩවල් යැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු අන්ත ජාතිවාදියෙක් බවයි.


No comments:

Powered by Blogger.