Header Ads

Breaking News
recent

අගරදගරු හමුවෙන්න ගියේ සජිත්ගේ බලකිරීමටයි.. මං මුල් මතයේමයි.. අගරදගුරු මට සොරි කිවුවා..- හරීන්

අගරදගුරු තුමන් සම්බන්ධයෙන් තමන් විසින් කරන ලද ප්‍රකාශය සත්‍යය ප්‍රකාශයක් බව තම හදවත දන්නා බව සමගි බලවේගයෙ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් එම ප්‍රකාශයෙන් තම පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන්ට අවාසිදායක තත්ත්වයක් ඇතිවේ යැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළ බලකිරීම මත තමන් අගරදගුරුතුමන් හමුවීමට ගිය බවද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා තමන්ට වෙනම කතා කර අනිවාර්යෙන්ම කාදිනල් හිමියන් මුණ ගැසිය යුතු බව පැවසූ නිසාම බැහැ කියන්න බැරි කමට තමන් එම ගමන ගිය බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

අගරදගුරු තුමන් තම ආගමික නායකයා වුවත් තමන්ට ඔහු සමග ප්‍රශ්නයක් තිබුනා වුවත් සජිත් ප්‍රේමදාස මහතා ඇතිව තිබෙන තත්වය තමන්ට තේරුම් කර දුන් බවද ඔහු සඳහන් කළේය.

කදිනල් තුමන් සමග පැවති සාකච්ඡාවේ දී තමන් අතින් ද අඩු පාඩුවක් වූ බව කාදිනල් හිමියන් ප්‍රකාශ කළ බවද ඔහු එහිදී තව දුරටත් සඳහන් කළේය.

No comments:

Powered by Blogger.