Header Ads

Breaking News
recent

එජාප නියෝජ්‍ය මහා ලේකම්වරයාගෙන් ජනපති - අගමැති ප්‍රමුඛ රජයට අභියෝගයක්

විපක්ෂයට බොරු චෝදනා එල්ල නොකොට MCC ගිවිසුම පිළිබද රජයේ පැහැදිලි ස්ථාවරය ජනතාවට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.

රුවන් විජයවර්ධනමහතා මේ අදහස් පල කලේ හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදාන නිවසේ පවතී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකට අද පෙරවරුවේ එක්වෙමින්.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මෙවරත් MCC ගිවිසුම පිළිබද කරුණු ඇදා ගනිමින් පටු දේශපාලන වාසි ලබා ගැනීම සදහා කටයුතු කරන තැනට ජනාධිපතිවරයාද පත් වීම කණගාටුදායක තත්වයක් බවයි විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.


පසුගිය රජය විසින් MCC ගිවිසුමට අදාලව ඇමරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල කරමින් කටයුතු කරන කණ්ඩායම වහාම එලෙස මුදල් ලබා ගත් පුද්ගලයන් පිළිබද රටට හෙළි කල යුතු බවට අභියෝගයක්ද විජයවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට එල්ල කළා.
MCC ගිවිසුමට අදාලව කිසිදු මුදලක් පසුගිය රජයට ලබා නොදුන් බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයද නිල වශයෙන් ප්‍රකාශයක් ද සිදුකර ඇති මොහොතක රාජපක්ෂ පාලනය විසින් අභූත චෝදනා එල්ල කරමින් සිටීම කණගාටුදායක තත්වයක් බව පෙන්වාදුන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා MCC ය හරහා මෙම ආධාර ප්‍රදානය ලබා ගැනීමට මුල්ම ඉල්ලීම කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව හෙළිවී ඇතැයි ද සදහන් කළා.




No comments:

Powered by Blogger.