Header Ads

Breaking News
recent

උතුර නැගෙනහිරට ස්වයං පාලනයක් විගේනේෂ්වරන් ඉල්ලයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික තේමාව වන්නේ උතුරු නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් ලබා ගැනීම බව උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි. තනියම නැගී සිටිමට ජනතාව හුරු කළ යුතු යැයි ද පැවසූ ඔහු උතුරු නැගෙනහිර ජනතාවට ඒ පිළිබඳව වටහා දීමට තම ප්‍රතිපත්තිවල දී පියවර ගන්නා බවත් පැවසීය.

තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ එළි දක්වන බව ද ඔහු කියා සිටියේය.

විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති පක්ෂය වන්නේ තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයයි.


No comments:

Powered by Blogger.