Header Ads

Breaking News
recent

ජනාධිපතිලා දෙදෙනෙක් සමග රණ්ඩු වුනා - කිරිඇල්ලගෙන් රනිල්ට දැඩි චෝදනා

ක්සත් ජාතික පක්ෂිකයන් 2020 වසරේ සහ 2015 වසරේ එක්සත් ජාතික පක්ෂ රජයක් පත් කලද එවකට අග්‍රාමාත්‍යය වරයා වශයෙන් කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිටි ජනාධිපතිවරුන් සමග මතභේද ඇති කර ගැනිම නිසා එම රජයන් නිසිලෙස පවත්වාගෙන යාමට නොහැකි වු බව ජාතික සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එ බැව් කියා සිටියේ ජාතික සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්යයාලයක් නාවලපිටිය නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මැතිවරණයෙන් පසු ජාතික සමගි ජනබලවේගයේ රජයක් පත් වු පසු මේ රටේ ජනතාව සහන රැසක් ලබාදෙන බවයි.

මෙම රැස්විමේදි අදහස් දැක් වු මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු අමාත්‍යය රවුෆ් හකිම් මහතා කියා සිටියේ ජනාධිපතිවරණ දෙකක් සදහා එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපෙක්ෂකයන් ආනයනය කිරිමට සිදු වු බවයි.

මෙම රැස්විම ඇමතු හිටපු අමාත්‍යය ඉමිතියාස් බාකර් මහතා කියා සිටියේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරිමත් සමග රාජ්‍යය මාධ්‍යය ක්‍රියා කරන ආකාරය පිලිබදව රටේ ජනතාව තුල අප්‍රසාදයක් මතු වි ඇති බවයි.

මෙම අවස්තාවට ජාතික සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජිව මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.