Header Ads

Breaking News
recent

හරීන්ද ඇදගෙන ගොස් සජිත් අගරදගුරු හමුවෙයි.. ඒත් සමාව නොගනී..

සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහත්වරුන් අද පස්වරුවේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් බැහැ දුටුවේය.

කොළඹ අගරදගුරු තුමන් ගේ නිල නිවසේ දී මෙම හමුව සිදු විය.

හරින් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් ගෙන් ආශිර්වාද ලබා ගත්තේය.

එම හමුවෙන් පසු මාධ්‍ය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෑතක පැවති මතිමතාන්තර සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවත් සියල්ලෝ ම එක් තැනකට පැමිණි බවත් ය.

කෙසේ වෙතත් අගරදගුරුතුමන්ගෙන් හරීන් ප‍්‍රනාන්දු මහතා සමාව ගත් බවත් එහිදී ප්‍රකාශ නොවිණි.

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරුතුමන් දේශපාලනය කරමින් කතෝලික ඡන්ද විශාල ප්‍රමාණයක් ගෝටාභය රාජපක්ෂ මහතාට ලබාදී ඔහුට ජයග්‍රහණය ලබා දුන් බවට හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් කල ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක් විය.

ඔහුගේ පාර්ශයේම අපේක්‍ෂකයන් පවා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ හරීන් ප‍්‍රනාන්දු මහතා අදාල ප‍්‍රකාශය සමබන්ධයෙන් අගරදගුරුතුමන්ගෙන් සමාව යැදිය යුතු බවයි.

No comments:

Powered by Blogger.