Header Ads

Breaking News
recent

2011 Final පාවාදීම ගැන අරවින්දගෙන් ප‍්‍රශ්ණ කරයි.. තරගයෙන් ටික දිනකට පසු කාර් සේල් එකක් ගත් ප‍්‍රබලයෙක් ගැනත් තොරතුරු

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය පාවාදුන්නේ යැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් එවකට හිටපු තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වෙයි.

එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද චෝදනාවක් අනුව අරවින්දද සිල්වාගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ ක්‍රීඩා සම්බන්ධව වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකය විසිනි.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ අදාල පාවාදීමට සම්බන්ධව සැක කල හැකි තොරතුරු කීපයක්ම ලිඛිතව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල යොමුකර ඇති බවයි.

ඉන්දියාව සමඟ පැවති අවසන් මහා තරගෙය ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද ඊට ටික දිනකට පසු ශ‍්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියෙක් මෝටර් රථ අලෙවි කරන සමාගමක් මිලට ගත් බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී කියා සිටියේය.

No comments:

Powered by Blogger.