Header Ads

Breaking News
recent

ශානි අබේස්සේකර අත් අත්අඩංගුවට ගන්නැයි කියයි

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි

බන්ධනාගාරආශ්‍රිතව සිදුවන අපරාධ රැල්ල පාලනය සදහා ගොටාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් රතු නිවේදන සමග මේ වනවිට අපරාධකරුවන් සහ ඔවුන් වටා භ්‍රමණය වන දේශපාලකයන් හා ආරක්ෂක නිලධාරින් තැති ගැන්මකට ලක්ව ඇති ආකාරය සමාජ මාද්‍ය හැසිරීම අනුව පෙනීයයි.

සිරකුටිය ඉදිරියේ ඇති cctv වැසෙන ලෙස රෙදිවැල් ගැටගසාගෙන සිටි කන්ජිපානි ඉම්රාන්ගේ ක්‍රියාකාරකම් වැලක්වීමට අසමත්වූ බන්ධනාගාර නිලධාරින් අද කන්ජිපානිගේ සිරමැදිරිය තුල තිබී සොයාගත් දුරකථන පිලිබදව උදම් අනයි.

සැකකරුවෙකු අත්අඩංගුවට ගත මොහොතේ සිට බන්ධනාගාරයේ දඩුවම් කාලය ගත කරනා කාලය තුල මිල මුදල් ඇත්නම් රතීසුව විදීමට පවා හිමිකම් ඇති බව පාලකයනුත් අපරාධකරුවනුත් හොදින් දන්නා සත්‍යයකි . පසුගිය සතියේ මීගමුව බන්ධනාගාරයේ ඇති සුර සැප පිලිබදව මෙරට මාද්‍ය ඕනෑවටත් වඩා වාර්තා කර සිටින ලද අතර.

නිලධාරින් පාලකයන් හා මෙරට ජනමාද්‍ය එක්ව අනුරාධපුර බන්ධනාගාරයේ සිර දඩුවම් විදින සෙනරත් බන්දුල ලියනාරච්චිගේ දුරකථන සෙල්ලම හා ඔහු විසින් බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව ගෙනගිය මුදල් බෙදිල්ල යට ගසන ලදී .

සෙනරත් බන්දුල යනු 2012 වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඝාතනයේ ඇසින් දුටු ශාක්ෂිකරු බවට හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු අද්‍යක්ෂ ශානි අබේසේකර විසින් කිරි පොවා නහවා ගොටාභය රාජපක්ෂට එරෙහිව ශාක්ෂි ලබාදීමට බොරු ශාක්ෂි ගෙතීමට යොදා ගත් “ඩමියයි”

ශානි විසින් සිදුකල අපරාධ මේ වන විටත් ඕනෑවට වඩා හෙළිදරවු වී තිබුනද වත්මන් ආරක්ෂක ලේකම්වරයාගේ නිද්‍රාශීලි පිළිවෙත හේතුකොටගෙන සහ cid ය තුල සේවය කරන ශානිගෙ හිතවතුන් හා ගෝලයන්ගේ ආශීර්වාදයෙන් නිදහස්ව සිටින කළුපටි අපරාධකරුවෙකි.

අද වනවිට ශානි විසින් තමන්ගේ හොදම හිතවතකු වන cid යේ තමන් සමග එකට සේවය කල ප්‍රේමතිලක නම් පොලිස් පරීක්ෂකවරයාගේ පුත්‍රයකු වන 23 හැවිරිදි අතුරුගිරියේ දිලූ නැමැත්තා කුඩු සමග අත්අඩංගුවට ගත්, අතර ඔහු විසින් මේ වනවිට ශානි විසින් කුඩු ජාවාරමට උදවු උපකාර කල ආකාරය පාපොච්චාරණය කරමින් සිටි. ශානි පොලිස් පරීක්ෂක ප්‍රේමතිලකට කෙතරම් පෙම් බැන්දාද කිවහොත් ප්‍රේමසිරි පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසු නැවතත් කොන්ත්‍රාත් පදනමින් සේවයේ පිහිටවීමට අවශ්‍ය සියල්ල සිදුකළේය .

අපි දන්නා පරිදි ශානි පෙම් කලේ ප්‍රේමසිරිට නොව කුඩු සල්ලි වලටය . ශානි ප්‍රේමසිරි ප්‍රේමයට තවත් හවුල්කරුවෙක් සිටි අතර ඔහු නමින් මෙන්ඩිස් නම් විය. වර්තමාන වැඩ අනන පොලිස්පතිවරයාගේ පුර්ණ ආශීර්වාදයෙන් ඇබිලිපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්තානාධිපතිදුරය පිරිනැමීමට මැදිහත්වුයේද ශානිය .

මෙම විමර්ශන නිලධාරීන් දෙදෙනා මෙතරම් ලෙන්ගතුව තුන්කොන් ප්‍රේමයෙන් බැදී සිටීමට හේතුවුයේ ඇයි ? මේ පුද්ගලයන් එකට එක්ව සැකකරුවන්ට එරෙහිව ශාක්ෂි ගොඩ නැගීමටත් ගොටාභය රාජපක්ෂට එරෙහිව බොරු චෝදනා නගමින් අපරාධමය චෝදනා තහවුරු කිරීමත් මොවුන්ගේ ප්‍රධාන කටයුතු විය .

cid යට අයිති විමර්ශන ගොනු තොග පිටින් භාහිර පුද්ගලයන්ට ලබාදෙමින් , ltte යට සම්බන්ධ බවට සැක කරන නිශාන්ත සිල්වා කන්දප්පා වැනි නිලධාරින් රකිමින් , සැකකරුවන්ට එරෙහිව අධිකරණ තීරණ වෙනස් කර මරණිය දණ්ඩනය පැමිණවීමට අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීමට සමත් , කුඩු ජාවාරම්කාරයන් රකින ශානි අබේසේකර අදටත් එළියේ සිටිමින් කටයුතු කරයි .

පාතාල නඩ , කුඩු ජාවාරම්කාර නඩ සොයා කටයුතු කරන අතර මෙවැනි තක්කඩි රාජ්‍ය නිලධාරින් මේ අවස්ථාවේදී හෝ අත්අඩංගුවට නොගතහොත් මෙරට අපරාධ රාජ්‍යක් බවට පත් කිරීමට යහපාලන තක්කඩියන් ගෙන ගිය වැඩ පරාජය කිරීම අපහසු තත්වයකට පත්වනු ඇත .

ප්‍රදීප් සංජිව
ජාතික සංවිධායක
සිංහලේ සංවිධානය


No comments:

Powered by Blogger.