Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුවක් නැති රටක් ප්‍රජාතන්ත්‍රවාදී නෑ - මැකෝ

හ මැතිවරණය පැවැත්වීමේ දිනය මේ සතියේදී ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (08) දිනයේදී ද මැතිවරණ කොමිසම රැස්වූ අතර, මේ සම්බන්ධයෙන් අද තීරණයක් ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි.

මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශප්‍රිය මහතා පවසා තිබුණේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් නොමැති රටක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි.

නිලධාරීන් විසින් පාලනය කරනු ලබන රටක් කෙටි කාලයකදී බැබලුනද එය ඒකාධිපති පාලනයකින් අවසන් වන බව ඔහු අනතුරු ඇඟවීය.

කොරොනාවෛරසය යනු සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි නොහැක්කක් බවත්, ප්‍රතිකාරයක් හෝ එන්නතක් ලෝකය සොයා ගන්නා තෙක් රටට එය සමඟ ජීවත්වීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක සම්බන්ධයෙන් හෙට දිනයේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන බවද දේශප්‍රිය මහතා පවසා ඇත.


No comments:

Powered by Blogger.