Header Ads

Breaking News
recent

එජාප-සජබ මන්ත්‍රිවරුන් අටක් ආධාරකරුවන් දහසක් සමගින් පොහොට්ටුවට එක්වෙති

නාවලපිටිය ගග ඉහල කෝරලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් අට දෙනෙක් ඇතුළු නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් දහසකට ආසන්න පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විම සදහා (30) දින ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එක්විය.

නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවක නාවලපිටිය යු.එන්.පි අපි යනුවෙන් ගග ඉහල කොරලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කල මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් විසින් කැදවා තිබු රැස්විමකට එම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිමක් මත එම රැස්විමට සහභාගි වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එම පිරිස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග (30) දින එක්විය.

එක්සත් ජාතික පක්ෂයේ හිස්වැසුම් සහිතව රැස්විම් ශාලාවේ රැදි සිටි එක්සත් ජාතික පක්ෂය නියොජනය කල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විමත් සමග ඔහුන් පැලද සිටි එක්සත් ජාතික පක්ෂයේ හිස් වැසුම් ගලවා ඉවත් කර  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අංකය සහිතව හිස්වැසුම් පැලද එම රැස්විම පැවැත්වුහ.

මෙම රැස්විමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක් වු පිරිස මාධ්‍යය සාකච්ඡාවක්ද පැවැත්වු අතර එම මාධ්‍යය සාකච්ඡාවේදි මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අදහස් දැක්විය.

ගග ඉහල කෝරලේ ප්‍රාදේශිය සභාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලනය යටතේ පවතින අතර විපක්ෂය නියෝජනය කල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විමත් සමග එම ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකු පමණක් සිටින බව ප්‍රාදේශිය සභාවේ සභාපති ධම්මික නදිර ජයසේකර මහතා පැවසිය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග මෙසේ එක් වු පිරිස වන්නේ ආන්නද කුලතිලක , අෂාරා අලුත්ගමගේ, සුමේද අලුත්ගමගේ , චාන්දනි අල්විස් , සුමුදු පෙරේරා , සුබ්‍රමණියම් වාසු දේවන් , අනුරාධ රත්නායක , රමණි අලුත්ගමගේ , යන මහත්ම මහත්මින් මෙසේ එක් වු අතර එම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින් සිටි හිටපු ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි හර්ෂ කුලතිලක මහතාද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග  එක්විය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.