Header Ads

Breaking News
recent

පාලනාධිකාරියේ ප්‍රමාදයෙන් ග‍්‍රැන්ටි දොඹකර ගෙනා නෞකාවට දිනකට ලක්ෂ 90ක ප්‍රමාද ගාස්තු

රාය වෘත්තීය සමිති සෙමින් වැඩ කිරීමේ වාත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට ගෙන ආ ග‍්‍රැන්ටි දොඹකර තුන සවි කිරීමේ කටයුතු ප‍්‍රමාද කිරීමට විරෝධය පළ කරමින්.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ප‍්‍රසන්න කලූතරගේ කියා සිටියේ විදෙස් බලපෑම් හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදුව ඇති බව කරුණු සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණු බවයි.

මෙම දොඹකර සවිකිරීම ප‍්‍රමාද කිරීම හේතුවෙන් එවා රැගෙන ආ නෞකාවට දිනකට ඇමරිකානු ඩොලර් 50,000ක ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 94ක ප‍්‍රමාද ගාස්තුවක් ගෙවීමට වරාය අධිකාරයට සිදුව ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.


No comments:

Powered by Blogger.