Header Ads

Breaking News
recent

එජාපය යලි කැළඹෙයි.. සාගල මහ ලේකම් කරනවාට විරෝධය.. සාගලගෙන් එජාපය බේරාගන්නැයි ප‍්‍රබලයෝ කියති

ක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට සිදු වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ගෙන් නොව සාගල රත්නායකගෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන තුෂාර වන්නිආරච්චි තම ෆේස්බුක් ගිණුමේ මේ බව සදහන් කර තිබේ.

දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවි කරුණානායක හෝ අකිල විරාජ් කාරියවසම් යන දෙදෙනාගෙන් අයෙකු පත් කිරීමට එම පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිවී තිබේ.

එමෙන්ම මහලේකම් ධුරය සඳහා සාගල රත්නායක මහතා පත්කිරීමේ සූදානමක් ඇතැයි ද වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂ තුළ නව අලුත් අර්බුදයක් දලුලමින් ඇත.


No comments:

Powered by Blogger.