Header Ads

Breaking News
recent

විහාරාධිපති හිමියන්ගේ දෙපා ගැටගසා, කටට පාන්කඩ ඔබා ඝාතනය කරයි

දුරුව, ගල්කන්ද රජමහ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ කිසියම් පිරිසක් විසින් ඊයේ (28) රාත්‍රී හෝ අද (29) අළුයම ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ යටියන බුද්ධානන්ද (73) නායක ස්වාමින් වහන්සේය.

ඝාතනය සම්බන්ධයෙන් වූ මහහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් අද (29) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලදි.

සිද්ධිය වූ ස්ථානයට බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයිරාංගනී ප්‍රනාන්දු මහත්මියද අද (29) පෙරවරුවේ පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික පරීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා දේහය බළපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ මෘත දේහය අද (29) පෙරවරුවේ මෙම විහාරස්ථානයේම වැඩ වාසය කරන වෙනත් ස්වාමින් වහන්සේ නමක් විසින් සොයා ගෙන තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. එම ස්වාමින් වහන්සේද ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ වයස් මට්ටමේම අයෙකු බවද කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඝාතනයට ලක් වූ නායක ස්වාමින් වහන්සේ ඊයේ (28) රාත්‍රී 10.00 ට පමණ නින්දට ගොස් තිබෙන බවත් එයින් පසුව මෙම ඝාතනය සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ස්වාමින් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබි ඇති බවත් මුහුණට උල් ආයුධයකින් ඇණ තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලීසිය කියයි. ස්වාමින් වහන්සේගේ බෙල්ලේද කැපුම් තුවාලයක් තිබූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීන් පිරිසක් හා අම්බලන්ගොඩ පොලීසියේ නිල සුනඛ අංශයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවීර මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ


No comments:

Powered by Blogger.