Header Ads

Breaking News
recent

උතුර නැගෙනහිරට යුද්දය ගෙනාවේ මහින්ද-ගෝටාභයයි.. ජීවිත දේපල විනාශ කලා.. ඒ ජනතාවට වන්දි ගෙවිය යුතුයි - විජයකලා

යුද්ධය උතුරට රැගෙන එන ලද පිරිස මේ වන විට රටේ බලය ලබාගෙන ඇති නිසා යුද්ධයෙන් හානියට පත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ යළි සංවර්ධනය කිරීමේ වගකීම ඇත්තේද එම රජයට බව හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය 27 වැනිදා කිළිනොච්චියේ දී පැවසුවාය.

මහ මැතිවරණයට තරග කරන ඇය තම ජයග‍්‍රහණය සඳහා කිළිනොච්චියේ සංවිධානය කෙරුණු ජන හමුවකදී මේ බව කියා සිටියාය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ කාලවකවානුවේ දී උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට යුද්ධය ගෙන ආ බවත්, ඒ හේතුවෙන් එම පළාත්වල වැසියන්ගේ ජීවිත හා දෙපළ විශාල වශයෙන් විනාශ වී ගිය බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මෙසේ විනාශ වී ගිය ජනතාවට අයත් දේපළ සඳහා වන්දි ගෙවීමක් තවමත් නිසි ලෙස සිදු නොවූ බව කී ඇය උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය ද යුද්ධය නිසා විශාල වශයෙන් පසුබෑමකට ලක්වූ බව ද කියා සිටියාය.

මේ නිසා ජනතාවගේ යහපත ගැන සිතා උතුරු නැගෙනහිර පළාත් වත්මන් රජය විසින් සංවර්ධනය කර ජනතාවට සහන ලබාදිය යුතු බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කිළිනොච්චියේදී පැවසුවාය.

දිනසේන රතුගමගේ
– divaina


No comments:

Powered by Blogger.