Header Ads

Breaking News
recent

ජනාධිපතිගේ මානසිකත්වය ලංකාව සිංහල බෞද්ද රටක්.. නැගෙනහිරත් සිංහල බෞද්ද කරන්න හදනවා.. ඔහු එය අතහැරිය යුතුයි - TNA

නාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා භූමි ආරක්ෂාවට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමේ එකම අරමුණ වී ඇත්තේ එම පළාත සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ ප්‍රදේශයක් බවට පත් කිරීම බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා චෝදනා කරයි.

දෙමළ ජනතාවත් තනි රටක් යන සංකල්පය අතහැර දැමිය යුතු බවත් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම තනි රටක් බිහි කිරීමට සමාන බැවින් ඒවා ඒකාබද්ධ නොකළ යුතු බවත් අගමැතිවරයාගේ ද ස්ථාවරය වී ඇතැයි ඔහු සඳහන් කරයි.

අද දෙමළ කතා කරන ජනතාව ගේ භාෂාව විනාශ වෙමින් ඇති බවත් එම ප්‍රදේශවල දෙමළ ජනතාව සිංහල භාෂාව කතා කරන ජනතාවක් බවට පත්වෙමින් ඇති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් නව කාර්ය සාධක බලකායක් පත් කිරීමේ එකම අරමුණ වී ඇත්තේ නැගෙනහිර පළාතේ ඇති දෙමළ මුස්ලිම් සංස්කෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර එය සිංහල බෞද්ධ ප්‍රදේශයක් බවට පත්කිරීම බවටද ඔහු චෝදනා කරයි.


No comments:

Powered by Blogger.