Header Ads

Breaking News
recent

වරාය නගරය අසලින්ම තවත් වරාය නගරයක්.. ඉදිකිරීම් ඇරඹෙයි !

කොළඹ වරාය නගරය ආසන්නයේම ප්‍රදේශයක මුහුද ගොඩකර තවත් නගරයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය 2013 වසරේ ආරම්භ කරන ලද්දක් වුවද පසුගිය අවුරුදු පහක දී එය ක්‍රියාත්මක නොවූ බව ද ඔහු පැවසීය.

එනිසා එහි කටයුතු දැන් කඩිනමින් ආරම්භ කර කොළඹ නගරයට මෙම නව භූමි ප්‍රදේශය එකතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.