Header Ads

Breaking News
recent

යාපනය ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මාන හුදකලා කරයි



පෑලියගොඩ ‍මාළු තොග වෙළඳ සංකීර්ණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.


යාපනය ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මානවල පදිංචි මාළු ව්‍යාපාරකයින් දෙදෙනො පෑලියගොඩ මාළු තොග වෙළඳ සංකීර්ණයට ගොස් ඇති බවට අනාවරණය වීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී වයිරසය ආසදනය වී ඇති බව තහවුරු වී තිබේ.


ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් හා යුදහමුදාව එක්ව අදාල ගම්මානයන්ට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පියවර ගනු ලැබීය.


එමෙන්ම ගම්මානයන්හි කොරෝනා ආසාදිතයින් ඇසුරු කල පුද්ගලයින් හඳුනාගන්නා තුරු ගම් දෙක සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා ලෙසටද යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.


ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් හඳුනාගනිමින් නිරෝධායන කටයුතු හා පී.සී.ආර්. පරික්ෂණ වෙතට යොමු කරවීම සිදු කරන බවටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.