Header Ads

Breaking News
recent

සෞඛ්‍ය බලධාරීන්ගේ විරෝධයට පයින් ගසා රෝසි කොළඹ නගර සභා රැස්වීම කැදවයි

වුරුන් විරුද්ද වුවද අද කොළඹ නගර සභා රැස්වීම තමන් පවත්වන බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

නගර සභා රැස්වීම කැඳවන බව සඳහන් කරමින් සියලු මන්ත්‍රීවරුන්ට ලිපි යැවූ බවද ඇය කියා සිටියාය.

කොළඹ නගරය තුල පවතින කොරෝනා ආසාදිත තත්වය හමුවේ නගර සභා රැස්වීම නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇතත් නගරයේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සේවාවන් සඳහා වැදගත් වන මුදල් පනත් ගණනාවක් සම්මත කර ගත යුතුව ඇතැයි ඇය සදහන් කරයි.

මෙම සභාව කැඳවීම පිළිබඳව පක්ෂ නායකයින්ගේ විරෝධයක් නැති බවත් මසකට වරක් නගර සභා රැස්වීමක් නො කැඳවීම මහ නගර සභා ආඥා පනත උල්ලංඝනයක් බවත් ඇය පවසයි.

මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකදී කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කරන්නේ අද දිනයේ කොළඹ මහනගර සභාව රැස්වීම නොකරන ලෙසද නගරාධිපතිනිය ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂ නායකයන්ද අද සභා රැුස්වීම කැදවීමට තම විරෝධය දක්වන බව මාධ්‍ය වෙත සඳහන් කර ඇත.


No comments:

Powered by Blogger.