Header Ads

Breaking News
recent

වටේ ඉදන් උපදෙස් දෙන කේවට්ටයෝ නිසා යන්නෙ වැරදි පාරක – ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග පාරට බස්සනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - (video)

ත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කරපු කැපකිරීම් පිළිබඳව තමන් වහන්සේ පසුතැවෙන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ආණ්ඩුවට විරුද්ධව සියලු බලවේග පෙළ ගැස්සවීමට තමන් වහන්සේ මුල් වී කටයුතු කරන බවටද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ද කරනු ලබයි.

ඒ අනුව තව ටික දවසකින් මුළු වෘත්තිය සමිති ව්‍යාපාරයම ආණ්ඩුවට එරෙහිව පාරට බස්සන බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරයි.

කොවිඩ් 19 වසංගතය මේ වන විට සමාජගත වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ආණ්ඩුව බොරු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජනතාව නොමඟ යවන බව ද සඳහන් කරයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ වැඩසටහනට සහභාගි වෙමිනි.


No comments:

Powered by Blogger.