Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉඩ දෙන්න - ඇමති අලි සබ්රි ඉල්ලයි

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට හැකියාව ඇත්තේ දැයි සොයා බලන ලෙස තමන් අදාළ අංශවලින් ඉල්ලීමක් කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදානය කිරීමට අවසර දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

තමනට මේ දිනවල ලැබෙන දුරකථන ඇමතුම් 99%ක්ම මෙම ප්‍රශ්නය ගැන වන බව ද ඔහු කියා සිටියි.

මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගසන බවද පවසන ඔහු මෙම කාලය රටේ සියලු ජනතාවට අමාරු කාලයක් බව ද සඳහන් කලේය.

ලෝකයේ සෙසු රටවල් 189 භූමදානය හෝ ආදාහනයට අවසර දී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ද භූමදානයට අවසර දී ඇති බවත් එනිසා මෙරට එ් සඳහා අවස්ථාව ලබා දිය හැකි දැයි සලකා බලන ලෙස තමන් ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

නමුත් මෙමගින් මෙරට නිරෝධායන නීතියට අභියෝග නොකරන බවද ඔහු තව දුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.