Header Ads

Breaking News
recent

කෝටිපති ජපන් දියණිය දුෂණය කර පැහැර ගත්තා නොවේ..එය ප්‍රේම කතාවක් – විනිසුරු දැරියට අසුනකුත් දෙයි

ශ්‍රී ලංකා තරුණයෙකු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ළාබාල ජපන් දැරියක් පැහැරගෙන පැමිණියේ යැයි කියන ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියට සම්බන්ධ වයස 16ක ළාබාල දැරිය පරිවාස භාරයේ තබා නැවත දෙසැම්බර් 3 වන දිනට පරිවාස වාර්තාවක් සමග අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොච්චිකඩේ පොලිසියට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ නියම කරනු ලැබුවා.

මෙම නඩුවේදී තරුණයා ජපන් ජාතික දැරිය සමග දීර්ඝ කාලයක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබූ බවත් මෙහි ඇත්තේ ප්‍රේම කතාවක් මිස ස්ත්‍රී දූෂණයක් නොවන බවත් සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වර්ණ චන්ද්‍රනාත් වීරසිංහ මහතා අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

පැහැරගෙන පැමිණි බව කියන තරුණයා ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ කොච්චිකඩේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔහු දෙසැම්බර් 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම දැරිය මේ වන විට මාස හතක ගැබිනියක් බව කොච්චිකඩේ පොලිසිය විසින් අධිකරණයට වාර්තා කළ අතර මහෙස්ත්‍රාත්වරයා නඩු කටයුතු සිදුවන අවස්ථාවේ අධිකරණය තුළ ඇයට අසුන් ගැනීමට ද අවසර දෙනු ලැබුවා.


No comments:

Powered by Blogger.