Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස් !

කොළඹ ආසාදන මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා රටේ වියළි කලාපයේ පිහිටි භූමියක් ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.

මේ වන විට ලොව සෙසු රටවල් කොරෝනා ආසාදිත මරණ සම්බන්ධයෙන් සිදුකරන අවමංගල කටයුතු ගැන එහිදී සාකච්ඡා කර ඇත.

ඒ අනුව කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා සුදුසු ඉඩම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් ආගමික නායකයන් අතර සාකච්ඡා සිදුවී ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

වාර්තාව මෙතනින්


No comments:

Powered by Blogger.