Header Ads

Breaking News
recent

මිනී පෙට්ටි දෙන්නේ නෑ..ආදාහනයට විරුද්ධයි.. නෑදෑයන් කොවිඩ් සිරුරු පහක් අතහරී – දින ගණනක සිට කොවිඩ් සිරුරු මෝචරියේ !

දාහනය කිරීමට විරෝධය පාමින් මළසිරුරු රැගෙන නොයාම නිසා කොළඹ පොලිස් මෘතශාරීරාගාරයේ කොවිඩ් මළසිරුරු පහක් දින ගණනක් තිස්සේ තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. මියගොස් පැය විසිහතරක් යන්නට පෙර කොවිඩ් වැලඳුණු අයගේ මෘතදේහ ආදාහනය කළ යුතු වුවත් මෙම ගැටලුව නිසා එම මළසිරුරු දින ගණනක් මෘත ශරීරාගාරයේ තැබීමට සිදු වී තිබෙනවා.

සිරුරු ආදාහනයට මිනීපෙට්ටි ලබාදිය නොහැකි බව දන්වා ආදාහනයට විරෝධය පෑ පවුලේ ඥාතීන් පිටව ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉහළ නිලධාරීන්ට වාර්තා කර තිබුණා.

මෙම මෘත ශරීර අතර කොම්පඤ්ඤවීදියේ දෙකක්, මරදානින් 01ක්, මාලිගාවත්තෙන් එකක් හා කොටුවේ එකක් වනවා.

මෙම පිරිස නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය අයයි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමු කළ පසු මෘත ශරීර භාර ගැනීම පවුල්වල ඥාතීන් ප්‍රතික්ෂේප කර තිබුණා.


No comments:

Powered by Blogger.