Header Ads

Breaking News
recent

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරයි



නිරෝධායන නීති නොතකමින් පවත්වමින් තිබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පොලීසිය විසින් සිදුකරනු ලැබු කරුණු වාර්තා කිරීමකින් අනතුරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් අද (10) දින සිට සතියක කාලයක් ගතවන තුරු ප්‍රාදේශීය සභාවේ කිසිදු රැස්වීමක් පැවැත්විය නොහැකි බවට නියෝග කළ බවය.


මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,


“නිරෝධායන නීති නොතකමින් අද දින මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමක් පැවැත්වීමට සුදානම් වන තිබු බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා. එම තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම තොරතුර සත්‍ය බවට පොලීසියට බවට පෙනී ගියා. මේ අනුව පොලීසිය විසින් මාවනැල්ල අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වීම තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.“


විශේෂයෙන්ම මාවනැල්ල පොලිස් වසම හුදකලා කලාපයක් බවට පත්කර ඇති මොහොතක ප්‍රාදේශීය සභාව රැස්වීම පැවැත්වීම නිරෝධායන රීතින්වලට පටහැනි ක්‍රියාවක් වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.


එමෙන්ම යම් ආකාරයකින් මෙම රැස්වීම පැවැත්වීම එම ප්‍රදේශයේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවත් ඒ තුළින් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් ඇති බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙම නියෝගය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත නිකුත් කර ඇති බවය.

No comments:

Powered by Blogger.