Header Ads

Breaking News
recent

මගී බස් රථ ධාවකයින්ගෙන් අයකරනු ලබන ගාස්තු මෙම වසර අවසානය දක්වා නිදහස් කිරීමට රජය තීරණය කරයි



කොරෝනා වසංගතය ආරම්භයේ මගී බස් රථ ධාවකයින්ගෙන් අයකරනු ලබන ගාස්තු නිදහස් කිරීමට ගත් තීරණය මෙම වසර අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.


අන්තර්පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම වසරේ මාර්තු මාසයේ සිට අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග්පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු සහ අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු බස් රථ ධාවකයින්ගෙන් අය නොකිරීමටයි තීරණය කෙරුණේ.

No comments:

Powered by Blogger.