Header Ads

Breaking News
recent

මස්කෙලියේ පාසල් ශිෂ්‍යාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි



මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාල බල ප්‍රදේශයේ සිදු කල පි.සි.ආර් පරික්ෂණ 163 කින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (09) දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

මස්කෙලිය ගාඩ්මොර් වතු යයේ ගල් කන්ද ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි පවුලේ සමජිකයන් අතරින් පාසල් සිසුවියකට පමණක් කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත.


මස්කෙලිය බ්‍රවුන්ලෝ වතු යායේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට නිරෝධාන මධ්‍යස්ථානයක සිටින පැලියගෙඩ මත්ස්‍යය වෙලදපොලේ අසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගි වු පාසල් සිසුවියකට කොවිඩ් 19  වෛරසය අසාදනය වි ඇති බවයි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

එම පාසල් සිසුවිය සහ ඇයගේ මව නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

No comments:

Powered by Blogger.