Header Ads

Breaking News
recent

මහර බන්ධනාගාර පිපිරුම පසුපස රෝහල් ප‍්‍රධානියෙක්

හර බන්ධනාගාරයේ ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප්‍රබලම හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප්‍රධානියෙකු දින කිහිපයක පටන් රැඳවියන් අතර නොසන්සුන් මානසිකත්වයක් ගොඩ නැංවීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මේ පිළිබඳව ගැඹුරින් විමර්ශනයක යෙදෙන බුද්ධි අංශ එම තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද ඔහු පැවසීය.

බන්ධනාගාර තුළ කොරෝනා පැතිරීම හේතුවෙන් මහර බන්ධනාගාරයේ ද කොරොනා පැතිර යනු ඇතැයි එම රෝහල් ප්‍රදානියා දින කිහිපයක් තිස්සේ පවසමින් රැඳවියන්ගේ මනසේ භීතියක් ඇති කර තිබූ බවද හෙළිවී තිබේ.

එම බන්ධනාගාරයේ රැඳවියන් 183 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙම කලහකාරී තත්ත්වය ඇති විය.

එමෙන්ම බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගතව කලහකාරී වූ රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබාදෙමින් භයානක තත්ත්වයක් ඇති කිරීමටත් කටයුතු කර ඇතැයිද වාර්තා වේ.


No comments:

Powered by Blogger.