දැන් කොරෝනා හැදෙන අයට වඩා සනීප වෙන අය වැඩියි.. අපි අමාරු කාලය පසු කලා - ආරක්ෂක ලේකම්
ජනතාව ආරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කරන්නේ නම් කොරෝනා වෛරසය පාලනය අභියෝගයක් නොවන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.
නමුත් ඇතැමුන් ආරක්ෂක ක්‍රමවේදයන් ගැන සැලකිල්ලක් නො වීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා සඳහන් කළේය.
අද වන විට මෙරට වාර්තා වන වෙමින් ඇති ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහලෙන් පිටවෙන සංඛ්‍යාව වැඩිවෙමින් ඇතැයි ද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ නාරාහේන්පිට දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
No comments: